All for Joomla All for Webmasters
INTERNATIONAL

2014 කල වෙනස ඉන්දියානුවන් අදත් තහවුරු කරයි. මෝදීට විශිෂ්ට ජයක්. ජය ලැබූ වහාම ජනපතිගෙන් සුභ පැතුමක්

ඉන්දීය මහමැතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඑල අනුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය ජය හිමිකරගෙන තිබෙනවා. මේවන විට ඔවුන් ආසන 300 කට වැඩි සංඛ්‍යාවක් හිමිකරගෙන ඇති බවයි ඉන්දීය වාර්තා සදහන් කළේ.

පසුගිය අප්‍රේල් 11 වනදා ආරම්භ වූ ඡන්දය අදියර 7 ක් ඔස්සේ පැවැත්වුණා. ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව මිලියන 900 ක්. අපේක්ෂකයන් අටදහසකට වැඩි පිරිසක් ඒ සදහා ඉදිරිපත් වුණා. රජයක් පිහිටුවීම සදහා අවශ්‍ය ආසන සංඛ්‍යාව 272 යි. පසුගිය මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය ආසන 282 ක් ලබා රජයක් පිහිටුවීමට සමත්වුණා. එවර ඉන්දීය කොංග්‍රසයට හිමිවුණේ ආසන 44 ක් පමණයි. එහෙත් මෙවර ඔවුන්ට වැඩි ආසන සංඛ්‍යාවක් හිමිවන බවයි එරට මාධ්‍ය පවසන්නේ.

ඉන්දීය අගමැතිවරයාට ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද Twitter පණිවුඩයක් මගින් සිය සුභ පැතුම් එක කර තිබේ.එම පණිවුඩය පහතින්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top