All for Joomla All for Webmasters
SPORTS

සුද්දන්ට මතක හිටින ප්‍රහාරයක් දුන් මෙන්ඩිස් පිටියේ සිට හතුරුසිංහට හිස නමා ආචාර කරයි (Photos)

පසුගිය තරඟ ගණනාවේදිම දුර්වල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ කුසල් මෙන්ඩිස් අද තරඟයේදි වේගවත් අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වූයේය.

පන්දු 33කට මුහුණදුන් මෙන්ඩිස් එහිදී ලකුණු 56ක් රැස්කළ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 6ක් හා එක් හතරේ පහරක් අන්තර්ගත විය.

සිය අර්ධ ශතකය වාර්තා කළ මෙන්ඩිස් පුහුණුකරු චන්දික හතුරුසිංහ ඇතුළු ක්‍රීඩකයන් සිටි ක්‍රීඩාගාරය වෙත හිස නමා ආචාර කරන අයුරුද කාගෙත් අවධනයට ලක්විය.

එංගලන්තය සමග මීට පෙර පැවති තරඟ තුනෙන් දෙකකදී මෙන්ඩිස් ලකුණු නොලබා දැවී ගිය අතර සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ඔහුව දැඩි විවේඡනයට ලක්වූ අයුරුද දැකගත හැකිවිය.

To Top