All for Joomla All for Webmasters
INTERNATIONAL

ස්කොට්ලන්තයේ වැඩිම ඉඩම් හිමියා..ඩෙන්මාකයේ ධනවත්ම පුද්ගලයා – කොළඹ බෝම්බ ප්‍රහාරයෙන් ලොව මුල් පෙළේ ධන කුවේරයෙකුගේ දරුවන් තිදෙනෙක් මියයයි

ලොව මුල් පෙළේ ධන කුවේරයෙකු වන Anders Holch Povlsenගේ දරුවන් සිව්දෙනාගෙන් තිදෙනෙකු කොලඹ ෂැන්ග්‍රිලා හෝටලයට එල්ලවූ බෝම්බ ප්‍රහාරයෙන් මියගොස් තිබේ.

වෙළෙඳ ජාලයක් වන Asos.com හි විශාලතම කොටස් හිමියා Anders Holch Povlsen බිරිඳ හා දරුවන් සිව්දෙනා සංචාරයක් සඳහා ශ්‍රි ලංකාවට පැමිණි සිටි විට මෙම අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දී තිබේ

ඩෙන්මාර්කයේ ධනවත්ම පුද්ගලයා වන Anders Holch Povlsen, එක්සත් රාජධානියේ හා ස්කොට්ලන්තයේ වැඩිම ඉඩම් ප්‍රමාණයකට හිමිකම් කියනු ලබන පුද්ගලික ඉඩම් හිමියා ද වේ.

මොහුට හිමි සමස්ත ඉඩම් ප්‍රමාණය අක්කර 220,000 කට අධික බව පැවසේ.

තවද ලොව දැවැන්ත රෙදිපිළි අලෙවි ජාලයක් වන Bestseller හි තනි අයිතිකරුවා වන මොහුගේ සමස්ත වත්කම්වල වටිනාකම යූරෝ බිලියන 4.5 ක් බව සඳහන් වේ.

මෙම අවාසනාවන්ත සිදුවීමට දින කිහිපයකට පෙර ඔවුන් ලංකාවේ සංචාරය ගත කරන අයුරු ඔහුගේ දියණිගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ පළකර කර තිබුණි.

To Top