All for Joomla All for Webmasters
LOCAL

ෂැංග්‍රිල්ලා ප්‍රහාරයේ සැකකරු බේරන්න ලක්ෂ ගානකපගාවක් – දෙන්න හදනකොටම නිලධාරීන්ට මාට්ටු!

ෂැංග්‍රිල්ලා හෝටලයේ පිපිරීමට අදාළව හිරේ ඉන්න සැකකරුව බේරගන්න ලක්ෂ ගානක් දෙන්න හදනකොට අල්ලස් දූෂණ නිලධාරීන්ට මාට්ටු වෙයි

ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ රැඳවුම් නියෝග මත සිටිනසැකකරුවෙකු නිදහස් කර ගැනීම සඳහා හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයාට අල්ලස්මුදලක් ලබා දීමට උත්සාහ කල පුද්ගලයෙක් අල්ලස්හෝදූෂණචෝදනාවිමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා.

පසුගිය අප්‍රේල් මස 21 දින කොළඹ ෂැංග්‍රිල්ලා හෝටලයේ පිපිරීමටඅදාළවජාතික ජව්හීද් ජමාත් සංවිධානයේ සැකකරුවෙකුවන අබ්දුල් මජීඩ් මොහොමඩ් නියාස් නැමති පුද්ගලයා මේ වන විට රැඳවුම් නියෝග මත සිටිනවා.

එම පුද්ගලයාගේ සමීපතමයෙක් බවට සැකකරන හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26 ක් වු මොහොමඩ් ෂිෆාන් නැමැති පුද්ගලයා රුපියල් ලක්ෂ 5ක අල්ලස් මුදලක් රැඳවුම් බාරයේ සිටින පුද්ගලයා නිදහස් කර ගැනීම වෙනුවෙන් ලබා දීමට කැමැත්ත පළ කර තිබෙනවා.

ඒ අනුවයි රුපියල් ලක්ෂ 2 හමාරක මුදලක් අද උදෑසන පොලිස් ස්ථානයේ දී ලබා දීමට යෑමේ දී මෙම පුද්ගලයා අල්ලස් හෝදූෂණචෝදනාවිමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top