All for Joomla All for Webmasters
SPORTS

ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාවේ ඉනිම අරඹන නවකයා අවිශ්ක ප්‍රනාන්දු ගැන ඔබ නොදන්නා දේවල් මෙන්න (Photos)

1998 වාද්දුවේදී උපත ලැබූ අවිශ්කගේ සම්පූර්ණ නම වන්නේ වීරහැන්දිගේ විනෝල් අවිශ්ක ප්‍රනාන්දු වේ. මොරටුවේ ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් සිප්සතර හැදෑරූ අවිශ්ක කුඩා කල පටන්ම ක්‍රිකට් ක්‍රීඩාවට දස්කම් දැක්වීය. කිසිදු පලමුපෙල හා දේශීය එක්දින තරගයකට ක්‍රීඩා කරන්නට පෙර වයස 18 දීම ජාතික එක්දින කණ්ඩායම නියෝජනය කරන්නට අවිශ්ක අවස්තාව හිමිකර ගන්නේ ඔහුගේ අතිවිශිශ්ට හැකියාව නිසාමය.

ඉන්පසුව ශ්‍රී ලන්කා ඒ කණ්ඩායම යටතේ දක්වන විශිශ්ට දස්කම් නිසා දකුණු අප්‍රිකානු එක්දින තරගාවලියට ක්‍රීඩාකරන අවිශ්ක මේ දක්වා එක්දින තරග 5 කදී ලකුනු 71 ක් ලබා ඇත. එහෙත් දේශීය එක්දින තරග 28 කදී ලකුනු 1115 ක් ලබාගෙන ඇති අවිශ්කගේ පිතිකරණ සාමාන්‍ය 46 කි. එහිදී ශතක 4 ක් රැස්කරන්නටද අවිශ්ක සමත්ව ඇත.

වේගයෙන් පන්දුවට පහරදෙන පිතිකරුවෙකු වන අවිශ්ක මෙවර ලෝක කුසලානට ක්‍රිඩාකරන අතර තවමත් 21 වැනි වියේ පසුවන අවිශ්ක ශ්‍රී ලන්කාව වෙනුවෙන් ලෝක කුසලානයක් නියෝජනය කරන ලාබාලතම ක්‍රීඩකයෙකුද වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top