All for Joomla All for Webmasters
INTERNATIONAL

ලංකාවේ ජනපති ගත් තීරණය අගය කරමින් ඉන්දියාවේත් බුර්කාව තහනම් කරන්නැයි නරේන්ද්‍ර මෝදිට ඉල්ලීම් රැසක්

ඉන්දියාවේද බුර්කාව තහනම් කරන්නැයි එරට අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට මේ වනවිට විවිධ ඉල්ලීම් ඉදිරිපත් වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය හේතුවෙන් සියලු පුද්ගලයින්ගේ අනන්‍යතාව හඳුනා ගැනීමට ඇති බාධා ඉවත් කිරීමක් ලෙස ශ්‍රී ලංකාවේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දැඩි තීරණය මත බුර්කාව තහනම් කිරීමට පියවර ගත් අතර ශ‍්‍රී ලංකාව ගත් පියවරය අනුව ඉන්දියාවේද බුර්කාව තහනම් කරන ලෙසයි එම ඉල්ලීම් වල දැක්වෙන්නේ.

ඒ අනුව ඉන්දියාවේ ශිවසේනා පක්ෂය ද, ඉන්දියාවේ බුර්කාව තහනම් කරන ලෙස අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා ඇති අතර එම පක්ෂය පවසන්නේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් බුර්කාව තහනම් කළ යුතු බවයි. එසේම ආරක්ෂාව තහවුරු කිරීමේදී කිසියම් හෝ පුද්ගලයෙකුගේ අනන්‍යතාව හෙළිකර ගැනීමට ආරක්ෂක අංශවලට ඇති අවහිරතා කඩිනමින් ඉවත් කළ යුතු බවද එම පක්ෂය අවධාරණය කර තිබෙනවා.

මේ අතර ලෝකයේ විවිධ රටවල් සිය රට ත‍්‍රස්තවාදයෙන් ආරක්ෂා කර ගැනීම සහ අන්තවාදී ක‍්‍රියා වැළැක්වීම වෙනුවෙන් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් මේ දිනවල කතාබහක් මතුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පෝලන්තයේ නීිතිය සම්බන්ධ ප‍්‍රකට දේශපාලඥයෙකු වන ඩොමිනික් ටර්සිස්කි පවසා ඇත්තේ තම රට තුළ කිසිදු මුස්ලිම් සරණාගතයෙකු නොමැති බවත්, ඒ හේතුවෙන් පෝලන්තයේ කිසිදු ත‍්‍රස්ත ප‍්‍රහාර අවදානමක් නොමැති බවත්ය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top