All for Joomla All for Webmasters
POLITICAL

මඩකලපුව විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට පවරාගන්නවා – ජනපති මෛත්‍රී සයින්දමර්දු සිට කියයි

ආන්දෝලනයකට තුඩු මඩකලපුව ශරියා විශ්වවිද්‍යාලය රජයට පවරා ගනිමින් එහි කටයුතු උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටී.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ සයින්දමර්දුහි මුස්ලිම් ප්‍රජාව හමු වූ අවස්ථාවේ දී ය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ කියා සිටියේ ය.

ත්‍රස්තවාදය ලොව කොතැනක හෝ ජයග්‍රහණය කර නොමැති අතර, අන්තවාදී ත්‍රස්තවාදයේ ම්ලේච්ඡ අරමුණුවලට ශ්‍රී ලාංකීය ජාතිය ඛෙදා වෙන් කිරීමට ඉඩ නොතැබිය යුතු බව කියා සිටී ජනාධිපතිවරයා අප්‍රේල් 21 වනදා සිදුවීම ශ්‍රී ලංකාවේ ප්‍රශ්නයක් නොව ජාත්‍යන්තරය හා සම්බන්ධ වූ ත්‍රස්ත කි්‍රයාවක් බවයි. මෙම ජාත්‍යන්තර ත්‍රස්ත කණ්ඩායමට එරෙහිව ලොව බලවත් රටවල් නැගි සිටියදී ඊට සම්බන්ධවූවන් මෙරටින් විනාශ කර දැමීමේ මෙහෙයුම් අපගේ ආරක්ෂක අංශ මේ වන විට සාර්ථක අවසානයක් කරා මෙහෙයවමින් සිටින බව ය.

මඩකලපුව විිශ්වවිද්‍යාලය අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නීති රීති යටතේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ලෙස එය ඉදිරියට කරගෙන යාමට අපේක්ෂා කරන බවත්, එහිදී එම විශ්වවිද්‍යාලය මගින් පවත්වාගෙන යනු ලබන විෂය මාලා පිළිබදව පැහැදිලි තීරණයක් ගැනීමට නියමිත බව ජනාධිපතිවරයා එහි රැදී සිටි මුස්ලිම් ප්‍රජානට අවධාරණය කර සිටියේ ය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top