All for Joomla All for Webmasters
LOCAL

ජනපති සහ හමුදාපති අළුත්ම මෙහෙයුම. හමුදා සෙබළුන් 600ක් කාත්තන්කුඩිය වටකරයි. තව්හීද් ජමාත් ත්‍රස්තයන් හමුදාව ඉදිරියේ දණ ගසයි

කාත්තාන්කුඩි පොලිස් වසමට අයත් නව කාත්තන්කුඩ් ප්‍රදේශයේ අද (30දා) උදෑසන පටන් කළ සෝදිසි මෙහෙයුමකදී තහනම් කළ ජාතික තව්හීද් ජමාත් සංවිධානයට සම්බන්ධ ඉහළ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.මෙම මෙහෙයුම සදහා හමුදාපතිවරයාට අවශ්‍ය සියලුම බලතල එතන සිටම ජනාධිපතිවරයා විසින් ලබාදී ඇත.

එහි භාරකරු මව්ලවි තව්ෆික් , භාණ්ඩාගාරික ෆය්සර් , සහ්රාන් හාසිමිගේ මාධ්‍ය භාරකරු ෆයිරුස් යන අය මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සෝදිසි මෙහෙයුම් සඳහා යුද හමුදාව, පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය එකාබද්ධව කර තිබේ.

ඒ සඳහා සෙබළුන් 660 ක් පමණ එක්ව ඇති අතර වැටලීම්වලට නිල සුනඛයින්ගේ සහායද ලැබී ඇත. පැය 7ක කාලයක් මෙම සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top