All for Joomla All for Webmasters
POLITICAL

චීනයෙන් කෝටි 260 ක මුල්‍ය පරිත්‍යාගයක් (Photos)

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉල්ලීම පරිදි රුපියල් කෝටි 260ක මූල්‍ය පරිත්‍යාගයක් කිරීමට චීන රජය එකඟතාව පළ කර ඇත. 

ත්‍රස්තාවදය ශ්‍රී ලංකාවෙන් තුරන් කර ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ශ්‍රී ලංකාවට ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බව චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහිතක වී ඇත.

නිල සංචාරයක් සඳහා චීනයට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චීන ජනාධිපති මන්දිරයේදී එරට ජනාධිපතිවරයා (14) නිල වශයෙන් මුණ ගැසුණු බව ද එහිදි එම කරුණු සාකච්ඡා කළ බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.   
 
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සඳහා රුපියල් කෝටි 150ක් වටිනා ජීප් රථ 100ක් ඇතුළු පහසුකම් කඩිනමින් ශ්‍රී ලංකාවට ලබාදීමට ද චීන ජනාධිපතිවරයා මෙහිදි කැමැත්ත පළ කර තිබේ.
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ චීන ජනාධිපති ෂී ජින්පින්ග් යන මහත්වරුන් දෙරටේ ආරක්ෂක අංශවල සහයෝගීතාව වෙනුවෙන් නව අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තබා ඇත. 
 
දෙරටේ ආරක්ෂක අංශ අතර සහයෝගිතා ශක්තිමත් කර ගැනීම සහ බුද්ධි අංශ අතර තොරතුරු හුවමාරු වැඩසටහන් පුළුල් කරගැනීම සම්බන්ධයෙන් එහිදි නායකයන් දෙදෙනා අතර සාකච්ඡාවට ලක්ව ඇත. 
 
 අන්තර්ජාල සහ සමාජ වෙබ් අඩවි හරහා අසත්‍ය ප්‍රචාර පතුරවමින් සැඟවී සිට ත්‍රස්තවාදය වපුරන පිරිස් සහ අපරාධ සිදු කරන්නන් හඳුනාගැනීමට සහ  එම අපරාධ වළක්වා ගැනීම වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික උපකරණ සහ දැනුම ශ්‍රී ලංකාවට නොමැති ජනාධිපති මෛත්‍රීපාල සිරසේන මහතා මෙහිදි චීන ජනාධිපතිවරයාට පවසා ඇත. 
 
එම උපකරණ සහ තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා කඩිනම් සහාය ලබාදීමට චීන ජනාධිපතිවරයා එහිදි එකඟතාව පළ කර ඇති අතර ඒ පිළිබඳ සොයා බැලීමට චීන තාක්ෂණික කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බව ද පවසා ඇත.   

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top