All for Joomla All for Webmasters
SPORTS

කැන්ගරුවන්ට ගහලා දින්නත් විරාට් කෝලි ස්මිත්ගෙන් සමාව අයදියි (Video)

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 14 වැනි තරගය ලෙස ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර ලන්ඩන් නුවර කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී (9 වැනිදා) පැවැති තරගය ලකුණු 36 කින් ජයගැනීමට ඉන්දියාව සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 353 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියාවට ඕවර 50 අවසානයේදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 316 ක් පමණි. ඬේවිඞ් වෝනර් (56), ස්ටීවන් ස්මිත් (69) සහ ඇලෙක්ස් කේරී (නොදැවී 55) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වුවද ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙනා යාමට අපොහොසත් වූහ.

ඒ වගේම මෙම තරඟයේදී ඉන්දීය ප්‍රේක්ෂකයන් විසින් හතරේ සීමාවේ පන්දු රැකීමට පැමිණි ස්මිත්ට හූ කියමින් කෑ ගසන්නට පටන් ගත්තා. මේ අවස්ථාවේදී කෝලි විසින් ප්‍රේක්ෂකයන් පාලනය කළ අතර එසේ නොකරන ලෙස ඉල්ලා සිටියා. කෝලි කරපු මේ ක්‍රියාව මේ වන විට බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක් වෙනවා. මේ ගැන කෝලි වැඩිදුරටත් මෙහෙම කියනවා.

මෙතන ගොඩක් ඉන්දීය ප්‍රේක්ෂකයන් හිටියා. මම කැමති වුණේ නැහැ ඔහුන් නරක ආදර්ශයක් දෙනවට. ඔහු කිසිඳු වැරද්දක් කළේ නැති බවයි මගේ අදහස. මම ඔහුගෙන් සමාව ගත්තා ප්‍රේක්ෂකයන්ගේ නරක හැසිරීම ගැන. මගේ අදහස නම් මේ කළ වැඩේ පිළිගැනීමට නොහැකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top