All for Joomla All for Webmasters
SPORTS

ක්‍රිස් ගේල් සමග විදෙස් ක්‍රීඩකයින් රැසක් ශ්‍රි ලංකා ප්‍රිමියර් ලීගයට එක් වෙයි

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් ඉදිරියේදී ලංකා ප‍්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියක් පවත්වන්නේ නම් ඒ සඳහා සහභාගි වීමට විදෙස් ක‍්‍රීඩකයන් කිහිප දෙනෙකුම කැමැත්ත පළ කර තිබේ. ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයාට විදෙස් ක‍්‍රීඩකයන් කිහිප දෙනෙකු මෙසේ කැමැත්ත පළ කර තිබේ.

ලෝක කුසලාන තරගාවලියේ තරග කිහිපයක් නැරඹීම සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයා පැමිණි අතර ඒම කාලයේදී ඔහුට හමුවූ විදෙස් ක‍්‍රීඩකයන් මෙසේ අදහස් පළ කර බව ෂම්මි සිල්වා මහතා පවසයි.

‘ඉදිරියේදී අපි අයි.පී.එල්. වගේ ලංකා ප‍්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියක් පවත්වනවා. ඒ වෙනුවෙන් සහභාගි වෙන්න විදෙස් ක‍්‍රීඩකයන් කිිහිප දෙනෙකුම දැනටමත් කැමැත්ත පළ කළා. විශේෂයෙන් ක‍්‍රිස් ගේල් පවා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රිමියර් ලීග් තරගාවලියකට එන බව පැවසුවා. ඔවුන් ලංකාවේ එහෙම තරගාවලියකට සහභාගි වෙන්න ඉතාමත් ඕනෑ කමින් බලාගෙන ඉන්නවා. අපි ඉදිරියේදී තරගාවලිය පවත්වන්න පුළුවන් දින වකවානු තීරණය කරනවා.’’ යැයි ක‍්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා පවසයි.

මේ වසරේදී ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියක් පැවැත්වීමට යෝජිතව තිබුණද රටේ පැවැති ආරක්ෂක තත්ත්වය සහ ඉදිරියේදී ඇති තරග කාල සටහන් අනුව එම තරගාවලියේ දින වකවානු වෙනස් විය හැකි වුවත් නියත වශයෙන්ම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඉදිරියට ගෙන ඒම සඳහා ප‍්‍රිමියර් ලීග් තරගාවලියක් පවත්වන බව ක‍්‍රිකට් සභාපතිවරයා පවසයි.

‘‘අපි මේ තරගාවලිය පවත්වන්නේ විශේෂයෙන් අයි.පී.එල්. සහ කැරිබියන් ප‍්‍රිමියර් ලීග් තරගාවලි නැති වකවානුවක. මොකද ඒ තරගාවලි යන අතරතුරේ අපිත් තරගාවලියක් පැවැත්වුවහොත් ඒක සාර්ථක වෙන්නෙ නැහැ. ඒ තරගාවලි නැති කාලයේදී ලංකාවේ ප‍්‍රිමියර් ලීග් තරගාවලියකට එන්න විදෙස් ක‍්‍රීඩකයන් කැමැති වෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම අපි ඒ තරගාවලිය පවත්වනවා. ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ඒ සම්බන්ධයෙන් අවශ්‍ය වැඩ කටයුතු සංවිධානය කරනවා.’’ යැයි ෂම්මි සිල්වා මහතා පවසයි.

මේ අතර පසුගියදා ආසියානු ක‍්‍රිකට් ප‍්‍රධානීන්ගේ හමුවේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයා සහ බංග්ලාදේශ ක‍්‍රිකට් ප‍්‍රධානීන් අතරද සාකච්ඡුාවක් සිදුවී ඇති අතර එහිදී ලෝක කුසලානයෙන් පසුව බංග්ලාදේශ කණ්ඩායම ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡුා කර තිබේ.

‘‘බංග්ලාදේශ කණ්ඩායම ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අපි සාකච්ඡුා කළා. ඔවුන් කිව්වේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් එරට කණ්ඩායමක් ශ‍්‍රී ලංකාවට එවලා වාර්තාවක් ලබාගෙන තරගාවලියට සහභාගිවීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි. මොකද අපි බලාපොරොත්තු වෙනවා බංග්ලාදේශ පිල ශ‍්‍රී ලංකාවට එන කාලයේදී පාකිස්තාන කණ්ඩායමත් ගෙන්වා ගනිමින් තුන්කොන් එක්දින තරගාවලියක් පවත්වන්න. කාලයකින් ශ‍්‍රී ලංකාවේදී තුන්කොන් තරගාවලියක් පැවැත්වූයේ නැති නිසා ඒ සම්බන්ධයෙනුත් අපි සාකච්ඡුා කරමින් ඉන්නවා.’’ යැයි ක‍්‍රිකට් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාවේ පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසුව යළිත් සාමකාමී තත්ත්වයක් පවත්නා බවත් ඊට හොඳම උදාහරණය පාකිස්තාන් යොවුන් කණ්ඩායම ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීම බවත් ක‍්‍රිකට් සභාපතිවරයා සඳහන් කර සිටියේය. ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර බි‍්‍රස්ටල් හී පැවැති එක්දින තරගයෙන් පසුව යළිත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයා දිවයිනට පැමිණියේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top