All for Joomla All for Webmasters
SPORTS

කලකට පසුව ශ්‍රී ලංකා කණ්ඩායමෙන් සුපිරි ආරම්භයක් (Photos)

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පස්වැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

මෙම තරගයේදී ලසිත් මාලිංග සහ අමිල අපොන්සු වෙනුවෙට දුෂ්මන්ත චමීර සහ ලක්ෂාන් සඳකැන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටින අතර නයාක ඔයින් මෝගන්, ක්‍රිස් වෝක්ස් සහ ඔලී ස්ටොන් වෙනුවෙට සෑම් කරන්, ලයෑම් ප්ලන්කට් සහ මාක් වුඞ් එංගලන්ත කණ්ඩායමට එක්ව සිටිති.

කඩුලු රකින ක්‍රීඩක ජොස් බට්ලර් විසින් මෙම තරගයේදී එංගලන්ත කණ්ඩායම මෙහෙයවනු ලබයි.

ශ්‍රී ලංකා කණ්ඩායම
දිනේෂ් චන්දිමාල් (නායක), නිරෝෂන් දික්වැල්ල, සධීර සමරවික්‍රම කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, දසුන් ශානක, තිසර පෙරේරා, අකිල ධනංජය, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන්, සහ දුෂ්මන්ත චමීර

එංගලන්ත කණ්ඩායම
ජොස් බට්ලර් (නායක), ජේසන් රෝයි, ඇලෙක්ස් හේල්ස්, ජෝ රූට්, බෙන් ස්ටෝක්ස්, මුයින් අලී, සෑම් කරන්, අදිල් රෂීඞ්, ලයෑම් ප්ලන්කට්, මාක් වුඞ් සහ ටොම් කරන්

To Top