All for Joomla All for Webmasters
POLITICAL

අන්තවාදී අදහස් ප්‍රචාරය කරන රූපවාහිනි නාලිකා නවතා දමන්න – ජනපතිගේ නියෝග

වහබ්වාදය ප‍්‍රචලිත කරන පීස් ටී. වී. කේබල් රූපවාහිනි නාලිකාව සම්බන්ධයෙන් සොයා බලා වහාම එම නාලිකා නවතා දමන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව මේ වන විට ඩයලොග් සහ SLT කේබල් TV මගින් මෙම නාලිකාව නවතා දමා ඇත.

ඒ, එම නාලිකාව මගින් අන්තවාදී අදහස් ප‍්‍රචලිත කරන බවට එල්ල වන චෝදනා හේතුවෙන්.

ශී‍්‍ර ලංකාව ඇතුළු රටවල් කිහිපයක කි‍්‍රයාත්මක පීස් ටී. වී. කේබල් රූපවාහිනී නාලිකාවේ හිමිකරු වන්නේ වෛද්‍ය සාකීර් අබ්දුල් කරීම් නයික් නමැත්තෙක්. මෙම නාලිකාව 2012 වර්ෂයේදී ඉන්දියාව තුළ තහනම් කිරීමට එරට රජය කටයුතු කළා. බංග්ලාදේශය පීස් ටී. වී. කේබල් රූපවාහිනී නාලිකාව තහනම් කළේ 2016 වසරේදීයි. එමෙන්ම මේ වනවිට එම කේබල් රූපවාහිනි නාලිකාව පාකිස්තානයේද තහනම් කර තිබෙනවා.

කෙසේවෙතත් වහබ්වාදී පීස් ටී. වී. කේබල් රූපවාහිනී නාලිකාව යුරෝපය, ආසියාව, අපි‍්‍රකාව ඇතුළු රටවල් රැසක මේ වනවිටත් කි‍්‍රයාත්මකයි.

මේ අතර පීස් ටී. වී. කේබල් රූපවාහිනී නාලිකාව සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා විද්‍යුත් මාධ්‍ය ප‍්‍රධානීන්ගේ නිල සංවිධානය වන ශී‍්‍ර ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයද මීට මාස කිහිපයකට පෙර කරුණු අනාවරණ කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top