All for Joomla All for Webmasters
POLITICAL

අත්අඩංගුවට ගත් අය අතර 12 දෙනෙකු ප්‍රබල ත්‍රස්තවාදීන් – ජනපති ආරක්ෂක තත්වය ගැන පහදයි

මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාවෙන් 12 දෙනෙකු ප්‍රබල ත්‍රස්තවාදීන් බවත් ඔවුන් භාවිතා කල ආරක්ෂිත නිවාස 13ක් සොයා ගෙන ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳව ජනපතිවරයා පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳව මේවන විට පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මේ බව පැවසී ය.

බෝම්බ සැකසීමට ගන්නා ක්‍රිස්ටල් පවුඩර් කිලෝ 200කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබෙන බවත් ත්‍රස්තවාදීන් සතු බැංකු ගිණුම් 41ක් සොයාගෙන තිබෙන බවත් මෙයට සම්බන්ධ සියලු දෙනාගේම වත්කම් රාජසන්තක කිරීමට අවශ්‍ය කටයුතු කර අවසන් බවත් ජනාධිපතිවරයා පැවසී ය.

එහිදී ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය.

“මේ සියලු සාකච්ඡා මේ සියලු රැස්විම් මම තනියෙන් කරපු රැස්වීම් නෙමෙයි. පසුගිය සතියේදී මුළු කැබිනට් මණ්ඩලයටම ආරාධනා කළා ආරක්ෂක මණ්ඩලයට. මම කාදිනල් හිමියන් ආරක්ෂක මණ්ඩලයට කැඳවූවා. මන්ත්‍රිවරුන්ට කැඳවූවා. ආරක්ෂක මණ්ඩලයේ සාමාන්‍ය පෙර තිබූ තත්ත්වයට වඩා ව්‍යුහයක් ඇතිකර තිබෙනවා.

ආරක්ෂක මණ්ඩලය ප්‍රධාන වශයෙන්ම ශක්තිමත් පුළුල් ව්‍යුහයක් තුළ පෙර තිබුණ තත්ත්වයට වඩා ක්‍රියාත්මක වෙනවා. ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රධාන තනතුරු වෙනස් කළා. රටපුරා කළ යුතු වැටලීම් වලට අමතරව මෙහෙයුම් මධ්‍යස්ථානයක් ඇතිකළා. මේ සමග රටේ ජනතාවගේ බිය සැක තුරන් කිරිමටත්, ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. ප්‍රධාන වශයෙන්ම ආරක්ෂක තත්තවය ගැන සතුටුවිය හැකි ස්ථානයක රට තිබෙනවා.

මේ ප්‍රශ්ණයේ පසුබිම හා ජාත්‍යන්තර ත්‍රස්තවාදාය ගැන අනවබෝධයෙන් බොහෝ දෙනෙක් කටයුතු කරනවා. මේ වන විට ආරක්ෂක හමුදා ඉතාම සාර්ථක ලෙස මෙහෙයුම් ඉටුකරලා රට හොඳ තත්ත්වයකට ගෙනත් තිබෙනවා.

මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන ද්‍රව්‍ය අතර හා පුද්ගලයින් පිළිබඳව කථා කළොත් අපි අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාවවෙන් 12ක් ප්‍රභල ත්‍රස්තවාදීන්. බෝම්බ හදන්න ගන්න ක්‍රිස්ටල් පවුඩර් කිලෝ 200කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. සේෆ් හවුස් 13ක් සොයාගෙන තිබෙනවා. බැංකු ගිණුම් 41ක් සොයාගෙන තිබෙනවා. මෙයට සම්බන්ධ සියලු දෙනාගේම වත්කම් රාජසන්තක කිරීමට අවශ්‍ය කටයුතු කර අවසන්. ප්‍රහාරයට සුළු උපකාර කළ අයෙකුට රුපියල් ලක්ෂ 20 බැගින් ගෙවා තිබෙනවා. ඒ මුදල්වලින් රුපියල් මිලියන 18ක් සොයාගෙන තිබෙනවා.

ත්‍රස්තවාදීන්ට අයත් වාහන 15ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෝටර් සයිකල් 4ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අත්අඩංගුවට ගැනීම් සියල්ල සමග කරන පරීක්ෂණ සාර්ථක තැනක තිබෙනවා.’ යැයිද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top